
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සොරා ගත් යතුරුපැදිවලින් ගොස් රන් මාල 18 ක් කොල්ලකෑ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.
එම සැකකරු කොල්ලකෑමට යොදාගත් සොරා ගත් යතුරුපැදි 02 ක් හා කොල්ල කන ලද රන්මාල 18 ක් හා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රවය ගෑම් 17 යි මිලිගෑම් 800 ක් පොලිසිය මගින් සොයාගෙන ඇත.
ඉකුත් මාස තුනක පමණ කාලය තුළදී මහරගම, හෝමාගම , මීගොඩ, මිරිහාන, කොට්ටාව සහ මාලඹේ පොලිස් වසම් වලදී ස්කුටර් වර්ගයේ යතුරු පැදි වලින් ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල යතුරු පැදියකින් පැමිණෙන පුද්ගලයකු කොල්ල කන බවට එම පොලිස් ස්ථානවලට දිගින් දිගටම පැමිණි ලැබී තිබූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd